”නැමදීමට සුදුස්සා දෙවි`දාණන් අල්ලාහ් හැර අන් කෙනෙක් නොමැත” යන්නෙහි මහිමය:

”නැමදීමට සුදුස්සා දෙවි`දාණන් අල්ලාහ් හැර අන් කෙනෙක් නොමැත” යන්නෙහි මහිමය:
”නැමදීමට සුදුස්සා දෙවි`දාණන් අල්ලාහ් හැර අන් කෙනෙක් නොමැත” යන්නෙහි මහිමය:
දේවදූත මුහම්මදාණෝ මෙලෙස දේශනා කළෝය.«ඉස්ලාමය පංචමහප‍්‍රතිනියතකින් සමන්විත වේ. 1. අල්ලාහ් දෙවිඳාණන්ට පමණක් පූජනීයත්වය හිමි බවට සාක්ෂි දැරීම සහ මුහම්මදාණෝ උතුමාණන්ගේ ගැත්තා යනුවෙන් ද දූතයාණන් යනුවෙන් ද සාක්ෂි දැරීම, 2. නමස්කාරය ඉටු කිරීම, 3. සරණදීමනාව ලබා දීම, 4. රමලාන් උපවාසය ඉටු කිරීම, 5. හජ් කර්තව්‍යය»(-මූලාශ‍්‍රය - බුහාරි)
දේවදූත මුහම්මදාණෝ දේශනා කළෝය.«මා හා මට පෙර පහළ වූ දේවදූතයින්ගේ පණිවුඩය වූයේ අල්ලාහ් දෙවිඳාණන්ට පමණක් පූජනීයත්වයක් හිමි බව සහ උන්වන්සේ හැර නැමදීමට කිසිවක් හෝ කිසිවෙක් නොමැත යන්න ය. එමෙන් ම ඔහු ඒකීය යන්න හා සියලූ පාලන තන්ත‍්‍රයන්හි අධිකාරත්වය, බලය සහ පැසසුම හිමිවන්නේ ද උන්වන්සේට පමණකැයි යන ප‍්‍රවෘත්තිය ජනතාවට හෙළි කළෝය» (මූලාශ‍්‍රය - තිර්මිදි)
දේවදූත මුහම්මදාණෝ දේශනා කළෝය.«දෙවිඳාණන්ගේ දූතයෙක් වන නෝවාතුමාණන් (නූහ්තුමාණන්) ඔහුගේ මරණ මංචකයේ දී තම පුතුන් දෙදෙනා කැඳවා අල්ලාහ් දෙවිඳාණන්ට පමණක් පූජනීයත්වයක් හිමි බව සහ උන්වන්සේ හැර නැමදීමට කිසිවෙක් නොමැත, යන්න සාක්ෂි දරන මෙන් අණ කළේය. අහස් කුසවල් හත සහ පොළෝතලයන් හත තරාදියක එක් පැත්තකින් ද, අල්ලාහ් දෙවිඳාණන්ට හැර නැමදීමට කිසිවෙක් නොමැත යන ප‍්‍රතිඥාව තරාදියේ අනෙක් පැත්තෙහි ද තැබුවේ නම් මහප‍්‍රතිඥාවෙහි කොටස ඝනත්වයෙන් පහළ යන්නේය. යනුවෙන් පැවසුවේය» (-මූලාශ‍්‍රය - බුහාරි)
අල්ලාහ් දෙවි`දාණන්ට හැර නැමදීමට කිසිවෙක් නොමැත යන ප‍්‍රතිඥාවෙන් ස්වර්ගය අලංකාර වන්නේය.නිරයෙහි ගිනිදැල් බුරබුරා න`ගින්නේය.

Tags: